techkatha.com
ලෞකික වූ සියල්ල මායාවකි; එය දන්නෝ සත්‍යය හැඳින්නෝය..

Sunday, April 19, 2015

ආත්මීය සරදම












සිහින් සර
මඳ පවනෙ - 
තුරුලේ වෙලී.....
සඳ සිහිළ 
අහිමි නම් - 
නුඹගෙන් බිඳක්......

දුර ඈත 

අම්බරයෙ 
පායා දිලී............. 
විහිදන්න 
මගෙ ලොවට 
සඳ රැස් පොදක්.....

හෙමි හෙමින් -පද ඇහිඳ 
ලියූවද-පෙම් කවක්....
නුඹෙ හිතට - ළං වෙන්න 
නොමැත මට - හිමි කමක්.....

සිතට සිත - දඟ කරන 
ළතැවුලේ - රඟහලක්......
නුරා පෙම්- සුසුම් අපෙ 
ආත්මගත - සරදමක්.......

නුඹ ළඟට - ළංවෙන්න 
සිතූවත් - හැම රැයක.....
හිත කියයි - නුඹ දුරයි 
නොගිනි හැකි - දිගන්තෙක.......

පුරා විත් - පාරමී 
හමු වන්න - යළි වරක්.......
සැඩ සුළං - ගිනි මැදින් 
සේම මහ - ජල කඳක්.....

හමු වුනත් - සරසමින් 
මුව පුරා - සිනාවක්........
නොවේවිද ?අපේ පෙම 
සදා රූ - කැටයමක්......💙💛💜💚

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks