Home
Blogger
Widgets
Creations
Make money
Education
Contact us
෴ ස්වප්න මායා ෴
ලෞකික වූ සියල්ල මායාවකි; එය දන්නෝ සත්‍යය හැඳින්නෝය..
Sunday, April 5, 2015
පිතු සෙනේ..
ගිනියම්ව අව් කට්ටෙ
රත් වෙච්ච වැලිමත්තෙ...
පිය මනින විට දුරක් ;
පිස හමන සුළංරැළි
සමඟ අතිනත් බැඳන් ,,
නුඹෙ පුසුඹ මට දැනේ
මේ දිවෙන මාවතේ ....
නුඹේ ඩා බිඳු වලින්
ගැබ්බරවු වෙල්යාය,,
අත වනයි හිනැහෙමින්
ඉසිඹුලන්නට මඳක්.....
තියෙන්නැති ඔය හිතේ
සිතුවිලිත් කප්පරක්,,
සතුටු කරමින් මසිත
මවන්නට සුරපුරක්.....
වකගැහුණු ලණු ඇඳේ
සුයාමෙක ඇලවෙලා,,
නිවූ හැටි විඩාගිනි
කිමද? මේ වෙනස් වෙලා...
සිනිඳු සුදු යහන් මැද
හිඳී ඔබ හුදෙකලා,,
සුසුම්ලයි ලණු ඇඳත්
ගෙයිමුල්ලෙ තනිවෙලා.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment