techkatha.com
ලෞකික වූ සියල්ල මායාවකි; එය දන්නෝ සත්‍යය හැඳින්නෝය..

Tuesday, May 26, 2015

`කියවූ වදන් මැද නොකියවූ පද පෙළ`












ආලය,දුක,වෙන්වීම,තනිකම

හැමදේම එකට බැඳුනු සංඝටක වගෙයි මට දැනෙන්නෙ.

හරියට නිකන්...කාමර හතරකින් හැදුනු, පුංචි ගෙයක් වගේ..
මේ ගේ ඇතුළෙ ඔය කියන හැම කාමරේකටම, අකැමැත්තෙන් හරි 
අපිට යන්ඩ වෙනවා. අවසානෙ වෙනකල්ම..🏡


 හසරැලි,කඳුලැලි,කෙඳිරිළි,ගෙරවිලි වාතලේට මුහුවෙන්නෙ
හරියට කවුළුවෙන් පිටවෙන දුම්වගේ..
දන්නවද...
‘ජීවිතේ’ අවබෝධෙන් ඇරඹුවොත්, ඔය කාමර හතරම එක වගේ..
අවබෝධයක් නැති තැන, සියල්ල පුංචි පුංචි කෑලිවල එකතුවක්.


 ඇත්තටම, මිනිස්සු මේ කරන්නෙ රඟපෑමක් දෝ? කියලත් වෙලාවකට මට හිතෙනවා.
එක එක චරිත බෙදාගෙන, කාලෙන් කාලෙට,
කොටින්ම කියුවොත්..  ලොකූ.. සිනමාපටයක් දිගහරින්ට කරන ප්රැක්ටිස් එකක්!!...🎬


 ම්ම්ම්...වදනෙ මුළු අර්ථ විවරනේ මේක නෙවෙයි.


 ජීවිතේ ..


කලාකරුවො ජීවිතේ හරි අපූරු නවාතැනක්ලු. ආදරවන්තයො ජීවිතේ ගංගාවක්ලු.
මම නම් කියන්නෙවිශ්වීය සංදර්භයේ ධ්යාත්මික පාසල ජීවිතය;


 ජීවිතේ ගුරුන්ගෙන්,ළමුන්ගෙන් පිරුණු ලොකු ස්කෝලයක්!
මේ ස්කෝලෙ එක එක මට්ටමේ ගුරුවරු.. දැනුම් තේරුමෙන් වෙනස් ප්රාථමික,ද්විතියික,ජේෂ්ඨ අංශ වල ළමයි ..


 මේක බලන ඈයෝ බලයි.. මොන වගේ ස්කෝලයක්ද මේ කියන්නෙ කියලා.


ගැඹුරු වුනත්,, කියවා වටහා ගන්නන් බොහෝයි,
නොකියවා වටහා ගන්නන්ද බොහෝයි..
දැක අයාලේ යන්නෝද බොහෝයි,
නොදැක අයාලේ යන්නන්
 බොහෝයි..

පිළිගැනීම ඔබට භාරයි~

👉

තවත් නොකියවූ පද පෙළක් දිගහැරීමේ දහසින් තිතට මම සමුදෙමි~

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks