ලෞකික වූ සියල්ල මායාවකි; එය දන්නෝ සත්‍යය හැඳින්නෝය..
Sunday, March 29, 2015
සත්‍යයේ වෙඩිමුරය``
දෝලනයවී පොරබඳින
දහක් සිතුවිලි අතර ,,
දැනෙන්ට විය මසිත තුළ
නුහුරු නුපුරුදු දෙයක් ...
ළඟට යන්නට නොහැක
සිහින ලෝකෙක යැවූ ,,
නුඹ තවම මා ළඟය .....
සයනයේ වැතිරෙමින්
දැරූවත් සොයන්නට ,,
හිත තවම කිතිකවයි
ගිලුනු සැමරුම් මතුව ....
කොහිද ඒ නුහුරු දෙය
සොයා යන අතර මඟ,,
පදම් විය මසිත තුළ ....
'නුඹේ ඔය කෝල කම්
ලය මගේ සිදුරු කළ
විෂම විෂ හී සරක් ..'
නුඹ ඇවිත් මා ළඟට
සැප ලොවක් මවන විට ,,
මා සෙවූ නුහුරු දෙය
දැන් හොඳට මට හුරුය ....
පසක් විය එක් දෙයක්
තාවකාලික නොවූ ,,
සත්‍යයේ වෙඩිමුරය
ප්‍රබල විය හී සරට..
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment