techkatha.com
ලෞකික වූ සියල්ල මායාවකි; එය දන්නෝ සත්‍යය හැඳින්නෝය..

Sunday, March 29, 2015

සත්‍යයේ වෙඩිමුරය``













දෝලනයවී පොරබඳින
දහක් සිතුවිලි අතර ,,
දැනෙන්ට විය මසිත තුළ
නුහුරු නුපුරුදු දෙයක් ...

ළඟට යන්නට නොහැක

සිහින ලෝකෙක යැවූ ,,
නුඹ තවම මා ළඟය .....

සයනයේ වැතිරෙමින්

දැරූවත් සොයන්නට ,,
හිත තවම කිතිකවයි
ගිලුනු සැමරුම් මතුව ....

කොහිද ඒ නුහුරු දෙය

සොයා යන අතර මඟ,,
පදම් විය මසිත තුළ ....

'නුඹේ ඔය කෝල කම්

 ලය මගේ සිදුරු කළ
 විෂම විෂ හී සරක් ..'

නුඹ ඇවිත් මා ළඟට

සැප ලොවක් මවන විට ,,
මා සෙවූ නුහුරු දෙය
දැන් හොඳට මට හුරුය ....

පසක් විය එක් දෙයක්

තාවකාලික නොවූ ,,
සත්‍යයේ වෙඩිමුරය
ප්‍රබල විය හී සරට..

Wednesday, March 25, 2015

භව සක˜












ඉපදුනු දින මා
ඉකිබිඳ හැඬුවා,,
මා වට සිටි හැම
හිනැහෙද්දී........

ලෝකය මැද මා
නිසලව උන්නා,,
ලොව හැඬුවා
මා සමුගද්දී.........

ඉපදී මිය යන
මෙසසර පසුපස ,,
පින් පව් රිය සක
කැරකෙද්දී .........

දුකම සතුට කොට
විඳවති සමහරු,,
මනු ලෝ දහමක්
පවතිද්දී...........

නිදහසේ උදානය ~










ගගන තල සිප - රුදුරු ඔද සිඳ

සිහලකම රැන්දූ..
අවිය ගත් සිඹ - අඳුරු ලකඹර
ඔබයි අප බන්ධූ ..

නිමක් නොම දුටු - මෙපින් බිම මත

ගැලූ ලේ බිංදූ ...
සැම සත වැනසුව - සුදුදන වද විඳි
කොහිද ඒ ලන්දූ ..

ගිනියම් සටනක - හුස්මක් බිඳහළ

විරජමාන සුරිඳූ ..
සුමංගල හිමි - පුරන් අප්පු විරු
හෙළයේ ධජ ඇන්දූ ..

සරසා පරදෙස සුදුදන මළගම

නිදහස මෙහි කැන්දූ..
නුඹගේ මළගම - සිරිලක රැකදුන්
පවුරකි වට බැන්දූ..

Related Posts Plugin for WordPress, Blogger...
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks