techkatha.com
ලෞකික වූ සියල්ල මායාවකි; එය දන්නෝ සත්‍යය හැඳින්නෝය..

Tuesday, June 9, 2015

වෙනස් වූ නොවෙනස් මිතුදම




තුරුලිය හෙවනක- සිහිලස සොයමින්
ගතළ නිවහල්- සොඳුරු පැයේ..
බිඟුනඳ තැවරුණු- සෙනෙහස් හසකැන්
අප උන් තැන- පිපිරාව නැගේ..

පහස නොලත් තැන්- නැත අප දෙපතුල්
යායට සරසවි- බිම් තීරේ....
දෙදෙනා ආ මඟ- අද මා තනිවම
මතකයෙ සැමරුම්- එළි මතුවේ..


රැයක් දවාලක්- නොතිබිණි අපෙ ලොව
සිනහව එළි දැල්වූ...
දේශන හලකින්- තොරවූ දිවියක්
සොයමින් එහෙ මෙහෙ
පා එසවූ ..

විහඟ සර කුමටද- යන මඟ හෙමිහිට
අප හසරැල්
ඒ මඟ රැන්ඳූ.. 😊😊
බෙදා ගත් සැටි- සෝ සුසුමන් අපි
දනී අප උන්- ගල් බංකූ..

නියම, සූත්තර- ජාල මෝස්තර
සිතට බරයි දැනුනේ...
වනපොත් කළ සඳ- එකට ගිමන් හැර
යමලක් සැණෙකින්- ඇයි සැලුණේ..

සඳ බැස ගිය මුත්- ඒ සඳමයි යළි
පසු දිනයෙත්- මුදු කිරණ හලේ
එනමුදු පරවුණු- ඒ මල වෙනුවට
කිම තැන තැන- වෙන මල් පිපුණේ..
      -No one like anyone-
Related Posts Plugin for WordPress, Blogger...
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks